පාස්කු ප්‍රහාරය පිළිබඳ 3දින කල් තැබීමේ විවාදය අදත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදය අද දෙවැනි දිනටත්

by Staff writer 25-04-2024 | 7:44 AM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදය අද(25) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුව රැස්වන්නේ පෙරවරු 9.30 ටයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙරවරු 10.30 ට ආරම්භ කිරීමට නියමිතයි.

එය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.