ලෝක මැලේරියා දිනය අදයි.

ලෝක මැලේරියා දිනය අදයි... වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 ක්..

by Staff writer 25-04-2024 | 8:10 AM

COLOMBO (News 1st) -  ලෝක මැලේරියා දිනය අද(5)යි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතිකය ලබා දුන්නේ 2016 වසරේදී ය.

මේ අතර, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පැවසුවේ, 2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

2023 වර්ෂයේදීත් මැලේරියා රෝගීන් 62ක් වාර්තා වී තිබේ.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, අප්‍රිකා රටවලට ගොස් පැමිණි අය අතුරින් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කළේ ය.

එම අවදානම් කණ්ඩායම් ලෙස සාම සාධක රාජකාරි සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයින්, ඉන්දිියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පුද්ගලයින් සහ මැණික් වෙළෙඳාම සඳහා ගොස් පැමිණි පුද්ගයින් හඳුනාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.