ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි..

ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි..

by Staff writer 25-04-2024 | 11:58 AM

 COLOMBO (News 1st) - ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදහන්ව සිටි තරුණයා ඊයේ පස්වරුවේ ‍සොයා ගෙන තිබේ. 

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා සඳහන් කළේ, වතු කම්කරුවන් පිරිසක් තරුණයාව දැක එම  නල්ලතන්නිය පොලිසිය වෙත භාර දී ඇති බවයි.  

පසුගිය 19 වැනි දින මෙම තරුණයා ශ්‍රී පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහළට පනින අයුරු එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි. 
 
ඔහු හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.   

කෙසේ නමුත් රෝහල්ගතව සිටින තරුණයා පවසා ඇත්තේ, ශ්‍රී පාද උඩ මළුවේදි තමන්ට සිදු වු දේ පිළිබඳව කිසිඳු මතකයක් නොමැති බවයි.  
 
රක්ෂිතයේ තිබූ ගල්ගුහාවල කාලය ගත කළ බවත්, ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් බවත් මෙම තරුණයා සඳහන් කර සිටී.

තරුණයා අතුරුදහන් වූ දින සිට ඔහු සොයා මෙහෙයුම් සිදු කළ නමුත්, තරුණයා සොයා ගැනීමට නොහැකි වූ නිසා මෙහෙයුම නතර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.