කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

by Staff writer 27-04-2024 | 6:48 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද(27) පස්වරු 5.00 සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව කොළඹ 5 සහ 6, දෙහිවල , ගල්කිස්ස , මොරටුව නගර සභා බල ප්‍රදේශ , ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවලට අද පස්වරු 5 සිට පසුදින පෙරවරු 7.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවනු ඇති. 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.