ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගැන අධ්‍යනයට කණ්ඩායමක්...

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වෙනස්කම් ගැන අධ්‍යනයට කණ්ඩායමක්...

by Staff writer 27-04-2024 | 6:56 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.