ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙනි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, පසුගිය 13 වෙනි දා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ අමාත්‍ය මණ්ඩල සංදේශයන් දෙකට ඵලදායී විසඳුමක් ලැබී නොමැති බවයි.
ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද 14 වැනි දිනටත් ක්‍රියාත්මකවේ.
අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.