දුමින්ද දිසානායකගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

by Staff writer 16-05-2024 | 9:59 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

දුමින්ද දිසානායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණේ, වැඩ බලන සභාපතිවරයා ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා තමාට වැඩ බලන ලේකම් ලෙස කටයුතු කිරීමට බධා නොකර නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ඊයේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසු එහි තීන්දුව අද උදෑසන ලබා දීමට නියමිතව තිබුණි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවේ, පෙත්සම්කරුට සිය ඉල්ලීම සම්බන්ධව නැවත සංශෝධිත පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටීමට හැකි බවයි.