COLOMBO (News 1st) - ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානයක් අසර්බයිජානය ආසන්නයේදී හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළේ, ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානය, ඉරාන - අසර්බයිජාන දේශසීමාව ආසන්නයේ ඇති ජොල්ෆා නගරයට ගොඩ බස්වා ඇති බවයි.
ගලවා ගැනීමේ කණ්ඩායම්, හෙලිකොප්ටර් යානය ගොඩබෑ ස්ථානයට අසළට ළඟා වෙමින් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.
ඉරාන ජනාධිපතිවරයා අද පෙරවරුවේ අසර්බයිජානයේ ජනාධිපති ඉල් හාම් අලියෙව් සමග වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ බව විදෙස් වාර්තාවල දැක්වේ