ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය ඇරඹෙයි

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය ඇරඹෙයි: කාසියේ වාසිය බංග්ලාදේශයට

by Staff writer 08-06-2024 | 6:39 AM

COLOMBO (News 1st) -  2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.

අමෙරිකාවේ ටෙක්සාස්හී, ඩලස්හීදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 74කි. 

කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 10කටයි.

පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබා ගත්තේය.

මේ අතර, තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයද මේ වනවිට ප්‍රොවිඩන්ස්හීදී පැවැත්වෙයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 159කි.

තරගාවලියේ සියලු තරග MTV මාධ්‍ය ජාලයේ සිරස TV , TV1 සහ www.sirasa tv.lk වෙඩ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.