මෝදිගේ අගමැති පදවි ප්‍රාප්තියට සියල්ල සූදානම්..

නරේන්ද්‍ර මෝදිගේ අගමැති පදවි ප්‍රාප්තියට සියල්ල සූදානම්..

by Staff writer 09-06-2024 | 6:26 PM

COLOMBO (News 1st) - නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අඛණ්ඩව තුන්වෙනි වරටත් ධූරයේ දිව්රුම් දීම  සදහා තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි.  

සුප්‍රසිද්ධ ඉන්දීය නායකයකු වූ ජවහල්නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වෙනිවරටත් අග්‍රාමාත්‍යධූරයට පත් එකම පුද්ගලයා ලෙස නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉතිහාසගතවනු ඇති.

නවදිල්ලි අගනුවර පැවැත්වෙන මෙම උත්සවය සඳහා රාජ්‍ය නායකින්  ඇතුළු 8000 ක අධික ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටී.

පදවි ප්‍රාප්ත උත්සවය පැවැත්වෙන්නේ රාජ්පාත් අංගනයේ පිහිටි ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදි ය. 

ඒ අවට ආරක්ෂාව තර කර ඇති අතර ගුවන් මුක්ත කලාපයක් ලෙසද නම් කර තිබේ.