නිවසක බිත්තියක් කඩා වැටීමෙන් මාස 02ක බිළිඳෙක් මරුට

නිවසක බිත්තියක් කඩා වැටීමෙන් මාස 02ක බිළිඳෙක් මරුට..

by Staff writer 10-06-2024 | 11:32 AM

COLOMBO (News 1st) - ඕමන්තේ, සින්නකුලම් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් වයස මාස දෙකක බිළිඳෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිවසේ සාලයේ බිත්තියක් කඩා වැටීමෙන් එම බිළිඳා මියගොස් ඇති බවයි.

අනතුරත් සමග ඔහු වව්නියාව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව, පොලීසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්තේ පොලීසිය විමර්ශන සිදුකරනු ලැබේ.