වර්ජනය කළ දුම්රිය රියැදුරන් 70කට උසස් වීම්..

වර්ජනය කළ දුම්රිය රියැදුරන් 70කට උසස් වීම්..

by Staff writer 10-06-2024 | 10:10 PM

COLOMBO (News 1st) - වැඩවර්ජනයේ නිරත වූ දුම්රිය රියැදුරන් 70 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, තුන්වැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණිය දක්වා ඔවුන් උසස් කර ඇති බවයි.

මේ අතර, හෙට (11) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 85 ක් සාමාන්‍ය පරිදි ධාවනයට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රියැදුරන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන්, අදත් (10) පස්වරු 3 දක්වා ගමන්වාර 56 ක් අවලංගු කිරීමට සිදු වූ බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට
දුම්රිය රියදුරන් පිරිසක් වැඩවර්ජනයක් ‍ආරම්භ කළේ, වැටුප් කේතාංකයක් සහ උසස් වීම් ලබා නොදීම, බඳවා ගැනීම් නොකිරීම ඇතුළු  ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි. 

කෙසේ වෙතත්, දුම්රිය රියදුරන් පිරිසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද සවස අත්හිටුවිය.

ඒ, විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.