සිරස TV 26 වන සංවත්සරය අදයි

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ නවමු පෙරළියක් ඇති කළ සිරස TV 26 වන සංවත්සරය අදයි

by Staff writer 10-06-2024 | 6:41 AM

COLOMBO (News 1st) - සිරස TV 26 වන සංවත්සරය අද(10) ට යෙදී තිබේ. 

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ නවමු පෙරළියකට මුල පිරුණේ අද වැනි දිනකයි.  

1998 ජුනි මස 10 වැනිදා සාමාන්‍යයෙන්, අසාමාන්‍ය දෙයක්...

ඒ සිරස TV  සාමරම්භය යි. 

එදා රූපවාහිනියේ අලුත් රූප මැවූ සිරස අදත් ජනතාවගේ අංක එකේ නාලිකාවයි. 

ඒ රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය කලාත්මක, කාලීන හා  දේශපාලන වැඩසටහන් නිසා... 

මෑත යුගයේ ශ්‍රී ලාංකේය තරුණ හඩ ජාත්‍යන්තරයට රැගෙන ගියේ සිරස TV හි විකාශය වන - The Voice - තුළිනි.

අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුත් සිරස ලක්ෂපති වැඩසටහන මේ වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ තැන් ස්පර්ශ කරන අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පත්ව තිබේ.

සිරස අදටත් රියැලිටි ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛ්‍යායි.  

ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස TV තැනූ සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන තරු බවට පත්ව සිටී. 

සිරස ඩාන්සින් ස්ටාර්, සිරස කුමරිය හා මෑන් හන්ට් ,සිරස ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ තවත් නවමු වැඩසටහන් කිහිපයකි. 

පුංචි පහේ මං , පෙන්ටතලන්, ද ඩිබෙටර්,  වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස TV පුරෝගාමී මෙහෙවරක නිරත විය.

අද වන විට ප්‍රේක්ෂක ජනයාගේ සිත් සනහාලන සහෘදයා වන්නට සිරස TV සමත්ව සිටී. 

සතුටේ දී වගේම ජනතාව දුකට පත් විටත් ළඟම නෑයා වුනේ සිරසයි. 

ගංවතුර,මහා පෑවිලි ,නායයෑම් ,ගිනි ගැනීම් වැනි ස්වභාවික ආපදාවලදී අප ඔබ සොයා ආවේ සිරස සහන යාත්‍රාව සමගින් ය. 

ඒ ලෙන්ගතුකම සමග සිරස TV අද සමරන්නේ 26 වන සංවත්සරයයි.