නීතිපතිගේ සේවා දිගුවට මොකද වෙන්නේ?

නීතිපතිගේ සේවා දිගුව ගැන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව ගත් තීරණය

by Staff writer 11-06-2024 | 3:19 PM

COLOMBO ( News 1st ) -  නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශය අනුමත කිරීම තවදුරටත් කල් දැමීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව තීරණය කළේය.

ඒ, ඊට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙනි.

අදාළ නීතිමය තත්ත්වයන් පැහැදිලි කර ගැනීමෙන් පසු ලබන සඳුදා යළි ඒ පිළිබඳව සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා නිර්දේශ කළේය.

නීතිපති සංජේ රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාමට යාමට නියමිතව තිබේ.