පොසොන් පෝය දිනය අදයි

සම්බුදු දහමින් ලක් දෙරණ ආලෝකමත් වූ පොසොන් පෝය දිනය අදයි

by Staff writer 21-06-2024 | 6:46 AM

COLOMBO (News 1st) - මෙරට සම්බුදු දහමින් ඒකාලෝකමත් වූ උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය අදට(21) යෙදී තිබේ.  

මෙවර සැමරෙන්නේ 2332 වැනි පොසොන් මංගල්‍යයයි.

ඒ වෙනුවෙන් මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සියලු වෙහෙර විහාරවල විවිධ පිංකම් සංවිධාන කර තිබේ. 

මෙවරත් ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

පොසොන් පෝදා ආගමික වැඩසටහන් මිහින්තලා පුද බිමේ සිට අද දවස පුරා ගෙන ඒමට සිරස TV සූදානම් ය.