![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේ ය.
පෙරේදා (8) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක් තුළදී සිදු වූ වෙඩි තැබීමකින්, කල්බ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමති 37 හැවිරිදි පුද්ගලයා මිය ගියේ ය.
වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ මැණික් විජේවර්ධන , යොමානා කෞෂධී නැමති කාන්තාවක් සහ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය සමග තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමෙන් තුවාල ලැබුවේය.