රුසියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් ..

තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවයි..

by Staff writer 28-08-2024 | 8:12 AM

COLOMBO ( News 1st ) - යුක්රේනයට යුධ ආධාර ලබාදී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන්, තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

රුසියාව ප්‍රකාශ කළේ, එසේ වුවහොත් එය  යුරෝපයට පමණක් සීමා නොවනු ඇති බවයි.

යුක්රේනය පසුගිය  06 වැනිදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ආක්‍රමණයක් දියත් කළේ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එයයි.

රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් ප්‍රකාශ කළේ, එම ආක්‍රමණයට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.

මේ අතර රුසියාව විසින් දෙවන දිනටත් යුක්‍රේනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 6කි.