ලොව පළමු වෘත්තීය නොවන ගගනගාමියා

අභ්‍යවකාශයේ පාවී ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා..

by Staff writer 12-09-2024 | 8:08 PM

COLOMBO ( News 1st ) - ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෙර්ඩ් අයිසැක්මන් අභ්‍යවකාශයේ පාවී ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා ලෙස ඉතිහාස ගත විය.

ඒ, අභ්‍යවකාශයේ විනාඩි 20 ක පමණ කාලයක් පාවී යමින් ය.

SPACE X ඉංජිනේරුවරියක් වන සාරා ගිලස් ද එම ගමනට ඔහු සමග එක්විය.

ඔවුන් යළි අභ්‍යවකාශ යානයට පැමිණීමත් සමග, පොලාරිස් ඩෝන් ලෙස නම් කර තිබූ අභ්‍යවකාශය මත පාවී යාමේ මෙහෙයුම නිල වශයෙන් අවසන් කෙරිණි.

ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෙර්ඩ් අයිසැක්මන්,  SPACE X හි ඉංජිනේරුවරියක් වන සාරා ගිලස්, SPACE X හි අභ්‍යවකාශ මෙහෙයුම් ඉංජිනේරුවරයෙකු වන ඇනා මෙනන්, විශ්‍රාමික හමුදා ගුවන් නියමුවෙකු වන ස්කොට් පොටීට් එම මෙහෙයුමට එක් වූහ.

ඊට අදාළ අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව, අමෙරිකාවේ ෆ්ලෝරීඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගත කෙරුණේ පෙරේදා රාත්‍රියේදී ය.

41 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෙර්ඩ් අයිසැක්මන්, ලොව විශාලතම පෞද්ගලික හමුදා ගුවන් යානා සමාගමේ හිමිකරු ද වේ.