UAE රැඳී සිටින්නන්ට පොදු සමාකාලයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධිව රැඳී සිටින්නන්ට පොදු සමාකාලයක්

by Staff writer 31-08-2024 | 5:19 PM

COLOMBO ( News 1st ) - එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය හෙට (01) සිට ලබන මස 31 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.

මෙහිදී වලංගු වීසා නොමැතිව එරට රැඳි සිටින පුද්ගලයින්ට හා සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව රැකියාවන නියතු වුවන්ට දඩ මුදල් අය කිරීමකින් තොරව එරටින් බැහැර වීමට අවකාශ සැලසෙනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට අදාළ කාලය තුළ විශේෂ සේවා ලබා දීම සඳහා ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි