බ්‍රසීලයේ X සමාජ මාධ්‍ය තහනම් කරයි

බ්‍රසීලයේ X සමාජ මාධ්‍ය තහනම් කරයි

by Staff writer 31-08-2024 | 4:53 PM

COLOMBO ( News 1st ) - බ්‍රසීලයේ X සමාජ මාධ්‍ය තහනම් කර තිබේ.

ඒ, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් X සමාජ මාධ්‍ය සඳහා බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීමට ලබාදුන් කාලය තුළ එය සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

සියලුම අධිකරණ නියෝගවලට අනුකූල වන තෙක් සහ බ්‍රසීලියානු නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන තෙක් X සමාජ මාධ්‍ය තහනම් වනු ඇති.

එරට විදුලි සංදේශ නියාමන ඒජන්සිය ප්‍රකාශ කළේ, අධිකරණ නියෝගයට අනුව කටයුතු කරන බවයි.

අසත්‍ය තොරතුරු පතුරුවන X ගිණුම් කිහිපයක් ඉවත් කරන්නැයි බ්‍රසීල බලධාරීන් කල ඉල්ලීමක්, එහි හිමිකරු එලෝන් මස්ක් නොසලකා හැරීම හේතුවෙන් මෙම අර්බුදය මතුවිය.