ඊශ්‍රායලය පුරා යළි විරෝධතා මාලාවක්

හමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්න, ඊශ්‍රායලය පුරා යළි විරෝධතා ..

by Haindu Gihan 08-09-2024 | 9:42 AM

COLOMBO (News 1st) - හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නැයි, ආණ්ඩුවට බල කරමින් ඊශ්‍රායලය පුරා යළි විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා හත් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් එක්ව සිටින බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉදිරිපිටට රැස්ව විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වේ.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ, ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරගන්නා ලෙසයි.

විරෝධතාව අතරතුර පොලීසිය සමග ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.