ඇඳිරි නීතිය ගැන ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

by Staff writer 21-09-2024 | 10:14 PM

COLOMBO (News 1st) - පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනය මගින් ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ,  ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එය නිවැරදිව හා නිරවුල් ලෙස සිදුකිරීමට මැතිවරණ කොමිසම හා නිලධාරීන් කටයුතු කරනු ඇති බවත්, ඇඳිරි නීතිය පැනවීම මහජන ආරක්ෂාව පවත්වාගැනීම වෙනුවෙන් පමණක් සිදුකළැයි විශ්වාස කරන බවයි.