ඊශ්‍රායලයෙන් සහ මැදපෙරදිග අනෙකුත් ප්‍රදේශවලින් තම පුරවැසියන් ඉවත් කිරීම සඳහා වහාම හමුදා ගුවන් යානා යොදවන ලෙස දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් නියෝග කර තිබේ.
ඒ මැදපෙරදිග දිනෙන් දින උත්සන්න වන ගැටුම් හේතුවෙන් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ජාතික ආරක්ෂාව සහ ආර්ථික උපදේශකයින් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළ බවයි.
සිය රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු එහිදී පවසා ඇත.