කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරුගේ 11වැනි තැනට.

කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණෙයි..

by Staff writer 02-10-2024 | 4:35 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද(02) ප්‍රකාශයට පත් කළේ ය.

පසුගිය එංගලන්ත සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලදී වාර්තාගත ඉනිම් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් එම ශ්‍රේණිගතකිරීම්හි 11වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඔහු මීට පෙර රැදී සිටියේ (16) වැනි ස්ථානයේ ය.

කමිදු මෙන්ඩිස් ටෙස්ට් තරග 8කට පමණක් ක්‍රීඩා කර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1004 ක්.