ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක්..

ප්‍රවීන් ජයවික්‍රමට ICC යෙන් වසරක ක්‍රිකට් තහනමක්..

by Staff writer 02-10-2024 | 10:29 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ ප්‍රවීන් ජයවික්‍රමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් වසරක සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම කඩ කිරීමේ වරදටයි.

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ යෝජනා පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ වරදට මෙලෙස දඩුවම් පණවා තිබේ.

කෙසේ නමුත් ඔහු ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බව පිළිගත් බැවින්, ඉහත වසරක දඩුවම මාස 6කින් ගෙවී යන පරිදි එම දඩුවම පණවා තිබේ.

ඒ අනුව ඉදිරි මාස 6ක කාලය ප්‍රවීන් ජයවික්‍රමට සියලුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම, තහනම් වේ.