නරේන්ද්‍ර මෝදි හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

නරේන්ද්‍ර මෝදි හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි..

by Staff writer 04-10-2024 | 5:09 PM

COLOMBO ( News 1st ) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ඒ, මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන්.

ඉන්, සිය රටේ වෙළෙඳාම, නාවික ක්‍රියාවලිය, බොරතෙල් ඇතුළු කේෂත්‍ර කෙරෙහි ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබුණි.

ඉන්දියාව, සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා ඇත්තේ, ගැටුම්, සංවාදයෙන් විසඳා ගන්නා ලෙසයි.

මැදපෙරදිග ගැටුම්, එම රට වලට පමණක් නොව, ලෝකයටම බලපෑම් එල්ල කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ  කළේ ය.