හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානයට ප්‍රහාරයක්..

බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්...

by Chathurika Jayasundara 05-10-2024 | 8:43 AM

COLOMBO ( News1st) - ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන්ද ප්‍රහාරයේ  ඉලක්කයක් වී ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබද ඊශ්‍රායලය හෝ හිස්බුල්ලා සංවිධානය කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.

හෂීම් සෆිද්දීන් නමැති අදාල පුද්ගලයා හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඔහු හසන් හසන් නසරල්ලාගේ ඥාති සොහොයුරෙකි.

යුධමය තත්ත්වය හමුවේ මිලියන 1.2කට වැඩි ලෙබනන වැසියන් නිවෙස්වලින් ඉවත් වී තිබේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ මිය ගොස් ඇති සංඛ්‍යාව පුද්ගලයින් 2,000 කට අධිකයි.