කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: රටවල් 4ක් අද තරග බිමට

20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයෙන් පකිස්ථානයට ජය.. තවත් රටවල් 4 ක් අද තරග බිමට

by Staff writer 04-10-2024 | 9:33 AM

COLOMBO(News 1st )-පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය පකිස්ථානය ලකුණු 31කින් ජය ගත්තේ ය.

සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන පකිස්ථානය පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ  ලකුණු සංඛ්‍යාව 116කි.

ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 85ක් පමණයි.

මේ අතර තරගාවලියේ තවත් තරග 2ක් අද පැවැත්වෙයි.

දකුණු අප්‍රිකා - බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වෙයි.

එම තරගය ක්‍රියාත්මක වන්නේ B කාණ්ඩය යටතේ ය.

අද දෙවැනි තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරග දෙකම ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රටේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයම ආවරණය වන නාලිකාවලට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV  නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකියි.