ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 05-10-2024 | 5:29 PM

COLOMBO (News 1st) - මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී ඇති බවයි.

ඒ අනුව ගැටලුවකින් තොරව ප්‍රථිකාර සේවා පවත්වා ගෙන යා හැකි බව ඔහු ප්‍රකාශ  කළේ ය.

මේ අතර  ඖෂධ හිඟය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය බලධාරීන්ගෙන් විමසා ඇති අතර ඇය උපදෙස් දී ඇත්තේ, රෝගී ජීවිතවලට බාධාවක් නොවන පරිදි එම කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ලෙසයි.