ධාන්‍ය ඇතුළු බෝග ගැන තීරණයක්..

ධාන්‍ය ඇතුළු බෝග වර්ග කිහිපයක වාර්ෂික අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 05-10-2024 | 5:28 PM

COLOMBO (News 1st) - ධාන්‍ය ඇතුළු බෝග වර්ග කිහිපයක වාර්ෂික අවශ්‍යතාව මෙරටදීම සපුරා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ, එළැඹෙන මහ කන්නයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

බඩඉරිඟු, උඳු, මුංඇට, රටකජු ඇතුළු ධාන්‍ය වර්ග ගණනාවක වාර්ෂික අස්වැන්න මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් නැත.

මේ හේතුවෙන් එම ධාන්‍ය වර්ග ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 06 කි.

එහෙත් මෙරට නිෂ්පාදනය කිරීමට හැකිවී ඇත්තේ, මෙට්‍රික්ටොන් 03ක් පමණක් බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව පුළුල් සැලසුමක් යටතේ මෙම භෝග වර්ග වගා කර දේශීය අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.