COLOMBO (News 1st) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරගය අද (08) පැවැත්වේ.
සාජාහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
රටේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයම ආවරණය වන නාලිකාවලට හිමිකම් කියන MTV මාධ්‍ය ජාලයට අයත් TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ සියලු තරග ඔබට නැරඹිය හැකියි.
මේ අතර පසුගිය මාසයේ ජාත්‍යන්තර තරග බිමේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා යෝජිත ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබේ.
ඊට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.
මෙලෙස ICC ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට යෝජනා වී සිටින්නේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස්ය.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක් වූ දක්ෂතා නිසා ඔවුන් මෙම සම්මානයට යෝජනා වී තිබේ.
එම සම්මානයට යෝජිත අනෙක් ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඡන්ද විමසීමකින් අනතුරුව ඉකුත් මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.