මහේලට යළිත් නව තනතුරක්...

මහේල ජයවර්ධන යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට

by Staff writer 13-10-2024 | 9:56 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක මහේල ජයවර්ධන නැවත වරක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබේ.

ඔහු මීට පෙර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ, 2017 වසරේ සිට 2022ක වසර දක්වායි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ අවස්ථා 3කදී ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ය.

මහේලගෙන් පසු 2023 වසරේ මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ, දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක මාර්ක් බවුචර්.

කෙසේ වෙතත් එම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණි.