ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජයෙන් මුදල් දෙන බව පවසා කෙරෙන ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

by Staff writer 18-10-2024 | 1:39 PM

COLOMBO (News1st) - රජය මගින් මුදල් ලබා දෙන බව පවසා කෙටි පණිවිඩ මගින් ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, රුපියල් 50,000ක මුදලක් රජය මගින් ලබා දෙන බව පවසමින් එම ව්‍යාජ පණිවුඩ ලැබෙන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

එම පණිවුඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින ලෙස ද ඔහු පවසයි