ඇල්පිටියේ අතිරේක තැපැල් ඡන්ද දිනය අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද..

by Staff writer 18-10-2024 | 7:50 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද(18) ක්‍රියාත්මක වෙයි.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 14 වන දින තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද දිනයේදි තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලයේදී රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකි ය.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය 90% කට වැඩි ප්‍රමාණයක් සලකුණු කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධින කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා සඳහන් කළේ ය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වෙයි.