UGC නව සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ධුරය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න

by Staff writer 18-10-2024 | 1:31 PM

COLOMBO (News1st) - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

1997 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන්  ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ පර්යේෂණ රැසක් මෙහෙයවූ ප්‍රමුඛ පෙලේ ආචාර්යවරයෙකු ද වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා මෙතෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.