මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

දුම්රියක් පීලි පැන මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 28-10-2024 | 1:50 PM

COLOMBO ( News 1st ) - කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

පානදුර - කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පෑනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව සඳහන් ය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.