අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 67ක් අත්අඩංගුවට

මාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් 67ක් අත්අඩංගුවට..

by Staff writer 28-10-2024 | 2:49 PM

 COLOMBO ( News 1st ) -මාස 9 ක් තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ, අදාළ කාලය තුළ වැටලීම් 81 ක් සිදුකර ඇති බවයි.

අදාළ කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,045 කි.

ඒ අතර, අල්ලස් පැමිණිලි 259 ක්, දූෂණ පැමිණිලි 466 ක් හා අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් පැමිණීලි 86 ක් වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රමාණවත් කරුණු නොතිබීම හා අල්ලස් පණතට අදාළ නොවීම හේතුවෙන් අදාළ කාලය තුළ ලැබී ඇති පැමිණිලි අතරින් 810 ක් පිළිබඳ විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලැබී ඇති බවයි.