කුරුළු උණ වැළඳුණු ඌරකු අමෙරිකාවෙන්

කුරුළු උණ වැළඳුණු ඌරකු අමෙරිකාවෙන් ප්‍රථම වරට හඳුනාගනී..

by Staff writer 31-10-2024 | 1:26 PM

COLOMBO ( News 1st ) - H5N1 කුරුළු උණ වැළඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ.

ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක ඌරෙකු මෙලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඌරු මස් සැපයුමට කිසිදු අවදානමක් නොමැති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.