ස්පාඤ්ඤයට බලපෑ ගංවතුරින් මියගිය ගණන ඉහළට

ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළට..

by Staff writer 31-10-2024 | 1:47 PM

COLOMBO ( News 1st ) - ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තවත් පුද්ගලයින් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇතැයි සඳහන් විය.

නැගෙනහිර වැලෙන්සියා පළාත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ක්ෂණික ගංවතුර තත්ත්වය ඇතිවිය.

ගංවතුර හේතුවෙන් පාලම් සහ ගොඩනැගිලි රැසකට ද දැඩි හානි වී තිබේ.

මාර්ගවල නවතා තිබූ මෝටර් රථ ද ගංවතුරට ගසා ගෙන ගොස් තිබුණි.

ස්පාඤ්ඤ ජනාධිපති පේද්‍රෝ සැන්චෙස් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ, ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙසය.

1973 වසරේ ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 150 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණි.