COLOMBO (News 1st) - ශ්රී ලංකා කණ්ඩායම 2024 හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.
ඒ, අර්ධ අවසන් පුර්ව වටයේදී නේපාලය ලකුණු 40කින් පරාජයට පත් කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 123ක් රැස් කළේ ය.
විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ආරම්භක පිතිකරු සදුන් වීරක්කොඩි ලකුණු 50යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නේපාල කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 83ක් පමණි.
පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙලුවේය.
තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට (03) පැවැත්වීමට නියමිතයි.