එම වටයේ පළමු තරගයට එක් වන්නේ සත්කාරක හොංකොං කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාවයි.
ළහිරු සමරකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තේ ය.
ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ සහභාගී වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.20ට ආරම්භ වීමට නියමිතයි.
නේපාලය අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්ව සිටී.
අද උදෑසන මූලික වටයේ තරග කිහිපයක් පැවැත්වීමට නියමිතයි.