COLOMBO (News 1st) -
කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී තිබේ.ඒ, ගොඩබිම සිට කිලෝමීටර 68ක පමණ දුරකින් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම භූ කම්පනය වාර්තා වූ බවයි.
එහි ප්‍රභලත්වය හේතුවෙන් කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්ත වලට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරිණ.
කෙසේ නමුත් මේ වනවිට එම අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් ය.
පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන රැසක් වාර්තා වී ඇති අතර ප්‍රාන්ත පුරා නිවාස සහ ව්‍යාපාර ස්ථාන 10,000ක පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.
පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැපයීමේ අරමුණින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළේ ය.
භූ කම්පනයෙන් සිදුවූ හානිය මේ වනවිට තක්සේරු කරමින් ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.