COLOMBO (News 1st) - දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝග ඡන්ද වීමසීම අද (07) පැවැත්වේ.
ඒ, එරට වේලාවෙන් අද රාත්‍රී 7.00ටයි.
දකුණු කොරියානු ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා හදිසියේම යුද නීතිය පැනවීමත් සමග මෙම දේශපාලන අර්බුදය ඇති විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා බලයෙන් පහ කළ යුතු බව අවධාරණය කළ පාලක පක්ෂයේ නායක හන් දොන්ග් හුන් අත්අඩංගුවට ගන්නා ලෙස යූන් සුක් යෝල් ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන ඔහු පාලක පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වුණේ මේ වසරේ ජූලි මාසයේදීයි.
වත්මන් ජනාධිපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කළ ඔහු, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, "ජනතා බලය" පක්ෂය හෙවත් පාලක පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ දෝෂාභියෝග ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාට සහය පළ කරන බවයි.
මන්ත්‍රී ආසන 300කින් යුත් පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට ඇති නමුත් දෝෂාභියෝගය සම්මත වීමට අවශ්‍ය ඡන්ද 200 ලබා ගැනීමට අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 8දෙනෙකුගේ සහය අවශ්‍ය බව සඳහන් විය.