යළි විවෘත වුණු පැරීසියේ නොත්‍රඩෑම් දේවස්ථානය...

වසර 5කට පසු ජනතාවට විවෘත වුණු පැරීසියේ නොත්‍රඩෑම් දේවස්ථානය...

by Staff writer 07-12-2024 | 7:29 PM

COLOMBO (News 1st) - ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රඩෑම් දේවස්ථානය වසර 05කට පසුව අද (07) සිට යළිත් ජනතාවට විවෘත කෙරිණි.

ඒ 2019 අප්‍රේල් 15 වැනිදා ඇතිවූ විශාල ගින්නකින් දෙව් මැදුරට දැඩි හානි සිදුවීමෙන් අනතුරුවයි.

දේවස්ථානය විවෘත කිරීමේ උත්සවයට අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සහභාගී වීමට නියමිතයි.

නොත්‍රඩෑම් ආසන දෙව්මැදුර , ප්‍රංශයේ වඩාත්ම ආකර්ශනීය සහ පෞරාණික ස්මාරකවලින් එකක්.

වසර 860ක් පමණ පැරණි මධ්‍යතන යුගයේ  ඉදිකළ බව කියන නොත්‍රඩෑම්  ආසන දෙව්මැදුර ගින්නෙන් සිදුවූ හානියෙන් පසු යළි ප්‍රතිසංස්කරණයට වැයව ඇති මුදල අමෙරිානු  ඩොලර් මිලියන 750ක්.