සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දින දෙක තුළදී ප්‍රහාර 100ක් පමණ එල්ල වී ඇති බවයි.
රසායනික අවි නිෂ්පාදනයට සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද ප්‍රහාර එල්ල වූ ඉලක්ක අතරට ඇතුළත් වේ.
සිරියාවේ සිදුවන බල පෙරලිය අතරතුරදී සිරියානු හමුදාවේ යුධ අවි, ආගමික අන්තවාදී කණ්ඩායම් අතට පත්වීම වැළැක්වීම ප්‍රහාරවල අරමුණ බව ඊශ්‍රායලය පවසයි.
මේ අතර ඊයේ (09) අමෙරිකාව ද සිරියාවේ (IS) ත්‍රස්ත සංවිධානයේ කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේ ය.
ඔහු සඳහන් කළේ සිරියාවේ බල පෙරළියත් සමග පාලන තන්ත්‍රයේ ඇතිවිය හැකි හිඩැසකින් ප්‍රයෝජන ගැනිමට (IS) ත්‍රස්ත සංවිධානය උත්සහ දරනු ඇති බවයි.
ඊට එරෙහිව ඔවුන්ට ද අනතුරු අඟවමින් ගුවන් ප්‍රහාර 75ක් පමණ එල්ල කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.