ඒ, සැකකරුවන් මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප සහ ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට එහිදී විනිසුරුවරයා නියෝග කළේ ය.
විනිසුරුවරයා නියෝග කළේ, සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පණවමින් සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිටින ලෙසයි.
පසුගිය ජූලි 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණි.
අදාළ ඝාතන සිදුකිරීමට වෙඩික්කරුවන්ට වාහන සැපයීම ඇතුළු ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.