අයවැය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් සාකච්ඡා

2025 අයවැය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් සාකච්ඡා ඇරඹේ..

by Staff writer 10-12-2024 | 10:35 PM

COLOMBO (News 1st) - 2025 වසරේ අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් සිදුකරන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ආරම්භ කළේ ය.

අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුණි.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශයේ වැය ශිර්ශයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවද අද පස්වරුවේ පැවැත් විය.