ධීවරයින්ට අවවාදාත්මක නිවේදයක් ....

ධීවරයින්ට අවවාදාත්මක නිවේදයක් ....

by Staff writer 11-12-2024 | 10:32 PM

COLOMBO (News 1st) - ගිනිකොන දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා සඳහා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළේ ය.

මේ අවවාදාත්මක නිවේදනය හෙට (12) පස්වරු දෙක දක්වා බලාත්මකයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ  අනුව පුත්තලම සිට මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි,කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 - 60 දක්වා ඉහළ යා හැකි අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද අවවාදාත්මක නිවේදනයේ සඳහන් වේ.