මහ කොමසාරිස්වරයා පැවසුවේ, රට නිවැරදි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව නීරීක්ෂණය වන බවයි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ දී හමු විය.
මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, එහි දී දෙපාර්ශ්වය අතර සුහදව කරුණු සාකච්ඡා කෙරුණු අතර ආචාර්ය සූරියප්පෙරුම මහතා පවතින ආර්ථික තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මහකොමසාරිස්වරයා හමුවේ කරුණු පැහැදිලි කළ බවයි.
මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය දීමට සූදානම් බව, එහිදී මහකොමසාරිස්වරයා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා එහිදී පවසා ඇත්තේ, ලබන වසරේ මුල් කාලයේ දී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගෙන ව්‍යාපාරිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බවයි.
මෙරට කාබනික කෘෂිභෝග මෙන්ම ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවාන්‍ය නිෂ්පාදන සඳහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ඉඩක් පවතින බවද පැට්රික් මහතා එහි දී වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.