චීනෙන් පාසල් නිල ඇඳුම් දීම කථානායකගේ පැසසුමට

2025 වසරට පාසල් නිල ඇඳුම් දෙන්න චීන රජය කටයුතු කිරීම කථානායකගේ පැසසුමට

by Staff writer 21-12-2024 | 10:18 PM

COLOMBO (News1st) - චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උපසභාපතිනි ක්වින් බොයෝන්ග් මහත්මිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබේ.

එහිදී කථානායකවරයා අවධාරණය කර ඇත්තේ, පාර්ලිමේන්තු සහයෝගීතාව, තිරසාර සංවර්ධනය, වෙළෙඳාම, කෘෂිකර්මය, කර්මාන්ත සහ අනෙකුත් බහුපාර්ශ්වික කටයුතුවලදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමයි.

2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජය කටයුතු කිරීම පිළිබඳව එහිදී කථානායකවරයා සිය ප්‍රශංසාව පළ කර තිබේ.

පාර්ලිමේන්තුව පැවසුවේ, ශ්‍රී ලංකාවේ නව රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීමට තම රට සූදානම් බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උපසභාපතිනි ක්වින් බොයෝන්ග් මහත්මිය අවධාරණය කළා ය